වික්ටර් ගේ මේ ගීතය කාලෙකින් කනවැකුණු මොහොතේ එක්වරම එහි ඇති අතිශෝභාමාන උපමා උපමේය මගේ හදවත පමණක් නොව භෞතිකයද මොහොතකට නතර කරවන්නට සමත්වුණු බවක් මට හැඟීයේ....
අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
ප්‍රේමනීය මිනිසෙක් සිය ප්‍රේමිනිය වෙත මේ මුදා හරින ඉල්ලීම ඇත්තෙන්ම මහා බරක් සිය සිත්හි දරාගනිමින් කරන්නේ යැයි වියතක් තරම් වූ කුඩා ඉඩක් පමණක් යෝජනා කිරීමෙන් පමණක්ම වටහා ගතහැකි. ප්‍රේමනීය හැඟුම් කිසිවිටකත් මොහොතකින් හෝ වියතක් තරම් ඉඩක දිගහැරීම උගහට බවක් අවශ්‍යයෙන්ම ප්‍රකාශ තුල ගැබ්කරන රචකයා මේ නොහැකියාව නැතිනම් ඇරයුමෙ අභව්‍ය ස්වරුපය ගෙන හැර දක්වන්නේ එවන් කෙටි කලකින් කෙටි ඉඩකින් ඔහුගේ ඇරයුම දෙදෙනා අත්පටලවා ගෙන හඳපානේ ඇවිදයාමේ මිහිරි ආද්‍යාශය බව කීමෙනි.
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .
මේ පෙම්වතාගේ ආදරණිය ආද්‍යාශය වූකලී වඩාත් ලෝකයෙන් වෙන්වූ, නොඑසේනම් ලොවට හොරා,එසේත් නැතිනම් අඩුම තරමින් සිය සෙවනැල්ල පවා නොදැන හමුවන එකක් විය යුතු යැයි යෝජනා කරනුයේ එක් පසෙකින් අභියෝගයට පෙම ලක්වීම හෝ අන්සතු ස්ත්‍රියකට පෙම්කරන නිසාදෝයි ප්‍රශ්නාර්ථයක් ගෙන එන අතරම, සිය සෙවනැල්ලෙන් පවා මිදීමෙන් අත්විඳිය හැකි මහා නිදස, පෙම විඳගනු සඳහා වූ කොන්දේසි විරහිත අවකාශය සම්පාදනය කරගැනීමේ යටිපෙළ අරමුණ ගෙනහැර දක්වයි.
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...
රාත්‍රිය කෙසේ හෝ එක්ව ගෙවන්නට අවැසි බවක් හඟවන ඔහු හිමිදිරියේ වෙන්ව යන්නටත් එසේ යන්නට මත්තෙන් වේදනාවන් හැඬුම්, සිනහවෙන් බැඳ දමා, ප්‍රේමනීය පැතුමන් හිමිදිරිය තෙක් සපුරා ගන්නට ඇති සිය අභිලාශය කියාපාන්නේ වේදනාවද සතුටද මුසු හැඟුමකින් බවක් පෙනියන්නේය.. වෙන්ව යන මොහොතේදී මතු අත්භවයේ දී ඇය තමන්ගේම කරගන්නට පතන්නේ මේ ආත්මයේදී මෙවන් රහස් පෙම් රසෝඝයන් හැර අන් යමක් උරුම නොමැති බවක් හේ පසක් කරගෙන ඇති නිසාවෙනි.
තමන් වෙනුවෙන් බලාසිටින සෙවනැල්ලේ නෛතික හිමිකරුවන් නිසාද?
සෙවනැල්ලට උරුම ලොව බිඳ එහි උරුමය ඇයට නොදෙන්නට සිතන ඔහු යලි සෙවනැලි වෙත යාම නැතිනම් සංස්ථාගත බන්ධනයට පිටත්ව යාම අපේක්ෂා කරන්නේ ඇයි?
පුරුදු පරිදි අත්පටලා ඇවිදින්නට යැයි ඔහු සිය පෙම්වතියට පවසන්නේ එය යටගිය, වැළලුනු පැරණි පෙමක යලි ඇහැරුණු හැඟුම් බර වේදනාවක් නිසාවෙන්ද ?
එසේත් නොමැතිනම් අසම්මත අවබෝධයක ප්‍රකාශනයක්ද?
ඉඳින් අපි හැඟුම් වලට ඉඩ දෙමු...
Comments
Post a Comment