Skip to main content

Posts

කියුබාව අලුත් කරන්න - ඇමරිකාව අලුත් වෙන්න

  කියුබාව සොයා ගැනීම 1492 ඔක්තෝම්බර් 28 ස්පාඤ්ඤ දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොළොම්බස් ගොඩ බට, මෙක්සිකානු බොක්කේ නැගෙනහිරට හා ෆ්ලොරිඩා සමුද්‍ර සන්ධියේ දකුණට වන්නට පිහිටි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 109844 වන 17 වන විශාලතම දූපත ඔහු නම් කරනු ලැබුවේ ජුවානා ලෙසය. ඒ එවකට ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි කුමරා ගේ නමිනි. නමුත් ඒ වන විටත් එහි ජීවත් වූ ස්වදේශික ටායිනෝ (Taíno) ජනයා එම භූමිය හඳුන්වනු ලැබුවේ කියුබාව ලෙසය. එතැන් පටන් 1898 වර්ෂයේ ස්පාඤ්ඤය ඇමරිකන් යුද්ධය අවසන් වන තෙක් කියුබාව ස්පාඤ්ඤ යටත් විජිතයක් ලෙස පැවතුණි. කුළුබඩු රත්තරන් සහ වෙනත් සම්පත් සොයමින් පැමිණි නැගී එන අධිරාජ්‍යයන්ගේ නියෝජිතයන් වූ කොළොම්බස් ඇතුළු තවත් දේශ ගවේෂකයන් ඔවුන් පැමිණ ශත වර්ෂ 4 ක් ගතවන තැන දී ඇමරිකානු මහද්වීපයේ තම බලය තහවුරු කොට ගෙන තිබුණි. ඇමරිකාවේ නැගීම හා ව්‍යාප්තිය 1607 දී වර්ජීනියාවේ ජේම්ස් ටවුන් ප්‍රාන්තය පිහිටුවමින් ඇරඹී එංගලන්ත යටත් විජිත ප්‍රාන්ත 13ක් වර්ෂය 1776 ජූලි 4 නිදහස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 1783 වර්ෂයේදී ඇමරිකානු ධනේශ්වර විප්ලවය සම්පූර්ණ කරමින් සන්ධීය සමූහාණ්ඩුවක් බිහි කරන ලදී. එතැන් සිට එක්සත් ජනපද සමූහාණ්ඩුව සිය
Recent posts

තොටියෙක් තැවෙනවා හබලක් අතේ තියා

තිසරුන් තෙමන ගිනියම් මහා රැයක් ගෙවා බඳ රැලි බිඳින නැඹ විල යාගය කලා රත් මධු වගුල විල්තෙර යන දෙගොඩතලා තොටියෙක් තැවෙනවා හබලක් අතේ තියා

ඉඳින් අපි හැඟුම් වලට ඉඩ දෙමු...

වික්ටර් ගේ මේ ගීතය කාලෙකින් කනවැකුණු මොහොතේ එක්වරම එහි ඇති අතිශෝභාමාන උපමා උපමේය මගේ හදවත පමණක් නොව භෞතිකයද මොහොතකට නතර කරවන්නට සමත්වුණු බවක් මට හැඟීයේ.... අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . . හඳ පානේ . . මඳ අඳුරේ . . . අත් පටලා යමු ආයේ . . . ප්‍රේමනීය මිනිසෙක් සිය ප්‍රේමිනිය වෙත මේ මුදා හරින ඉල්ලීම ඇත්තෙන්ම මහා බරක් සිය සිත්හි දරාගනිමින් කරන්නේ යැයි වියතක් තරම් වූ කුඩා ඉඩක් පමණක් යෝජනා කිරීමෙන් පමණක්ම වටහා ගතහැකි. ප්‍රේමනීය හැඟුම් කිසිවිටකත් මොහොතකින් හෝ වියතක් තරම් ඉඩක දිගහැරීම උගහට බවක් අවශ්‍යයෙන්ම ප්‍රකාශ තුල ගැබ්කරන රචකයා මේ නොහැකියාව නැතිනම් ඇරයුමෙ අභව්‍ය ස්වරුපය ගෙන හැර දක්වන්නේ එවන් කෙටි කලකින් කෙටි ඉඩකින් ඔහුගේ ඇරයුම දෙදෙනා අත්පටලවා ගෙන හඳපානේ ඇවිදයාමේ මිහිරි ආද්‍යාශය බව කීමෙනි. ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී . . අවුදින් හෙමින් රහසින් මුමුනා හඳ පානේ මඳ අඳුරේ . . . මේ පෙම්වතාගේ ආදරණිය ආද්‍යාශය වූකලී වඩාත් ලෝකයෙන් වෙන්වූ, නොඑසේනම් ලොවට හොරා,එසේත් නැතිනම් අඩුම තරමින් සිය සෙවනැල්ල පවා නොදැන හමුවන එකක් විය යුතු යැයි යෝජනා කරනු

Human Evolution

Click here to take survey It is really important to have your idea about human evolution. As you all know worlds knowledge upon humans and human history getting change. Under water cities, extremely old structural findings and new gene linage still known to us is clues here. Will start with small step, it will make great leap to success

ආදරය තවදුරටත් ආදරය නොවේ.. Love is not Love anymore..

ආදරය තවදුරටත් ආදරය නොවේ.. ඇස්වාට්ටුව හරහා ටවුන් හෝල් පැමිණ අත් පටලවා ගනිමින් විහාරමහා දේවියේ ගස් අතර සැඟවී ගිය අපේ කාලේ පෙම්වතුන් අද නැවත විවාහවී හෝ තනිකඩව හෝ විහාර මහා දේවිය වෙත පැමිණිය හොත්, ඒ වටා වෙනදා මෙන් බැඳ නැති යකඩ දැල්, ගස් අතරින් දිවෙන ජොගින් ට්‍රැක් ඔවුන් වෙත කුමන වර්ගයේ කම්පනයක් ජනිත කරනු ඇතිද? තමාගේ පැරණි ගුරුවරුන් සමග පෙම්වතුන්ගේ දිනයට රොද බැඳ, සතුටු උයනේ දරුවන්ගේ ඉලෙක්ට්‍රික් කාර් පදිමින්, රතු පැහැ බැලුම් පුම්බමින් පෙම් පෙළපාලි ගියවුන් සතුටු උයනේ නටබුන් දැකීමෙන් කවරනම් කම්පනයකට ලක්වනු ඇතිද? වයස අවුරුදු දහඅට පිරුණු දිනට පසු දිනම තම වැඩිමහල් පෙම්වතා සමග රහසින් විවාහ වන තරුණියක් වසරකුත් මාස කිහිපයකට පසු තරුණයන් කිහිපදෙනෙකු තම සතුට වෙනුවෙන් සොයා යන්නේත්, විවාහයට සියලු පාර්ශව හි ආශීර්වාද මැද දින නියම කරගන්නා පෙම්වතෙකු හා පෙම්වතියක, එක්වනම තම සම්බන්ධය අත්හරිනට යෝජනා කරන පෙම්වතිය ඉදිරියේ පෙම්වතා අසරණ වන්නේත්, මධුසමය නිමවූ සැනින් තම සැමියා නැති නිවසට බිරිඳ අනියම් පෙම්වතා කැඳවාගන්නෙත් ඒ ඒ පුද්ගලයාගේ හුදු චරිත ස්වභාය නිසාවෙන් පමණක්ද?     ඔබ එන්න සුළගේ දැවටිලා -මා ඉන්

ත්‍රිත්වය.....!

"සංජීව බණ්ඩාරට විශ්ව විද්‍යාල පරිශ්‍රයන්ට ඇතුල්වීම තහනම්." "සංජීව පුෂ්පකුමාරගේ Flying Fish චිත්‍රපටයට තහනමක්." ආසන්නතම දිනවල පුවත්පත් හා රුපවාහීනි පුවත් ඉදිරිපත් කරන නළුවන් නාට්‍යානුසාරයෙන් ගෙන ආ ඉහත පුවත් දෙකෙහිම කතා නායකයා නායකයා සංජීව කෙනෙකි. පශ්චාත් යුද ලාංකේය දේශපාලන රේජීමයේ ඍජු බලපෑමට ලක්වු සංජීවලා දෙදෙනා ගැන මතකය ද ප්‍රභාකරන්ගේ උදාන වාක්‍යට අනුව කීප දිනකින් අමතකව යනු ඇත. සංජීව බණ්ඩාර ශිෂ්‍ය දේශපාලනය නිසා රිම ාන්ඩ් බන්ධනාගාර ගත වෙද්දී සිනමාකරණයේ නියැලීම මත සංජීව පුෂ්පකුමාරට සීමා පැනවේ. ද්‍රෝහියා ක්ෂණයෙන් වීරයකු වන, වීරයා සැනින් ද්‍රෝහියෙකු වන, ශ්‍රී ලාංකේය සන්දර්භය තුල ගොදුරු බවට පත් වූ සංජීවලා දෙදෙනා ඉදිරියට කුමක් කරාවිදැයි බලාපොරොත්තු විය නොහැක. එහෙත් මෙම නිශ්චිත මොහොතේ ඔවුන් ස්වකීය අස්ථානයන් මගින් නිද්‍රාශිලී ලාංකේය තරුණයාට කිසියම් සාධනීය උත්තේජනයක් සැපයීමට වෙර දැරීම අගය කල යුතුය. සංජීවලා දෙදෙනා අතර සමානත්වයක් දකිමින් සිටි මා හට තවත් සංජීව කෙනෙක් මතකයට නැගුණි. ඔහු නමින් සංජීව එදිරිමාන්න ය. ස්වාධීන රුපවාහිනියේ නිවේදකයෙකු ලෙස හදුන්වන සංජීව එදිරිමාන්න මට අන

මට දැන් හැට පහක් යකෝ...!

ඔබ සැමට සුභම සුභ නිදහසක් වේවා....! නිදහස් බයිලා....! මාස්ටර් බයිලා අපේ ගෙතු රස කරලා...  ඇහිඳ ගනිල්ලා මේවා නිදහස් බයිලා... කතරට සහරා ගලන ලෙස රස දහරා... එලිසම නොමරා ගයමු නිදහස සමරා... නිදහස ලැබුණා මල්ලි නිදහස ලැබුණා... තලුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුණා... ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා... එළිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා... කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ... ලනුව සුද්දගේ උනත් කොඩිගහ අපගේ... නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ... නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ... ලේ හැලුනේ නෑ සුද්ද තරහ උනෙත් නෑ... යන්ටගියේත් නෑ නොගිහින් හිටියෙත් නෑ... අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි... තවත් සුමිහිරි අද ඒ පානේ මිතුරනි... හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස... බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට.... බයිලා කියා පුදදෙමු අප සවෛරි සිරිලක.... නිවන් දකිත්වා අපගේ ජන නායක කැල....