Skip to main content

Posts

Showing posts from June, 2011

Mark Zuckerberg's Wall and සිගිරි කාශ්‍යප ගේ වෝල් එක

බිත්තිවල කොටපු ඉතිහාසයක් සහ භාවිත අත්දැකීමක් අපිට තියෙනවා, සුද්දා අපිට මුනුපොතේ (Facebook) එකේ කොටන්න කතා කරන්න කලින්, අපේ කාශ්‍යප අපිට කැටපත් පවුරෙ (Mirror Wall) එකේ ලියන්න කතාකලා. අපි ලිව්වා, "මගේ නම බුදල්මී, සියෝවෑ ආමී, බොහෝදන ලියලුයෙන් නොලිමී" වගේ ගොඩක් දේවල් ලිව්වා. අපි චිත්‍ර ඇන්දා. එදා wall පොස්ට් එකක් දන්නා ලේසි උනේ නැහැ. ඇයි, ගල උඩනැගල ගලේ කොටන එක පට්ට ගේමක්. එත් අද එහෙම නැහැ, ගියා, කෙටුවා, පොස්ට් කලා. නමුත් එකට දෙන ඉඩ පොඩ්ඩක් මදි, එනිසා මම හිතුවා,(මට හිතුනා කිව්වත් හරි). Web Log එකක් නැත්තන් පරිණාමය උනාට පස්සේ එක (Blog) බ්ලොග් එකක්, ලියන්න,  මගේ මිතුරනි එන්න මේ නුතන කාශ්‍යපලගේ හා බුදල්මීලගේ  යුගයයි .