Skip to main content

Posts

Showing posts from 2013

ආදරය තවදුරටත් ආදරය නොවේ.. Love is not Love anymore..

ආදරය තවදුරටත් ආදරය නොවේ.. ඇස්වාට්ටුව හරහා ටවුන් හෝල් පැමිණ අත් පටලවා ගනිමින් විහාරමහා දේවියේ ගස් අතර සැඟවී ගිය අපේ කාලේ පෙම්වතුන් අද නැවත විවාහවී හෝ තනිකඩව හෝ විහාර මහා දේවිය වෙත පැමිණිය හොත්, ඒ වටා වෙනදා මෙන් බැඳ නැති යකඩ දැල්, ගස් අතරින් දිවෙන ජොගින් ට්‍රැක් ඔවුන් වෙත කුමන වර්ගයේ කම්පනයක් ජනිත කරනු ඇතිද? තමාගේ පැරණි ගුරුවරුන් සමග පෙම්වතුන්ගේ දිනයට රොද බැඳ, සතුටු උයනේ දරුවන්ගේ ඉලෙක්ට්‍රික් කාර් පදිමින්, රතු පැහැ බැලුම් පුම්බමින් පෙම් පෙළපාලි ගියවුන් සතුටු උයනේ නටබුන් දැකීමෙන් කවරනම් කම්පනයකට ලක්වනු ඇතිද? වයස අවුරුදු දහඅට පිරුණු දිනට පසු දිනම තම වැඩිමහල් පෙම්වතා සමග රහසින් විවාහ වන තරුණියක් වසරකුත් මාස කිහිපයකට පසු තරුණයන් කිහිපදෙනෙකු තම සතුට වෙනුවෙන් සොයා යන්නේත්, විවාහයට සියලු පාර්ශව හි ආශීර්වාද මැද දින නියම කරගන්නා පෙම්වතෙකු හා පෙම්වතියක, එක්වනම තම සම්බන්ධය අත්හරිනට යෝජනා කරන පෙම්වතිය ඉදිරියේ පෙම්වතා අසරණ වන්නේත්, මධුසමය නිමවූ සැනින් තම සැමියා නැති නිවසට බිරිඳ අනියම් පෙම්වතා කැඳවාගන්නෙත් ඒ ඒ පුද්ගලයාගේ හුදු චරිත ස්වභාය නිසාවෙන් පමණක්ද?     ඔබ එන්න සුළගේ දැවටිලා -මා ඉන්

ත්‍රිත්වය.....!

"සංජීව බණ්ඩාරට විශ්ව විද්‍යාල පරිශ්‍රයන්ට ඇතුල්වීම තහනම්." "සංජීව පුෂ්පකුමාරගේ Flying Fish චිත්‍රපටයට තහනමක්." ආසන්නතම දිනවල පුවත්පත් හා රුපවාහීනි පුවත් ඉදිරිපත් කරන නළුවන් නාට්‍යානුසාරයෙන් ගෙන ආ ඉහත පුවත් දෙකෙහිම කතා නායකයා නායකයා සංජීව කෙනෙකි. පශ්චාත් යුද ලාංකේය දේශපාලන රේජීමයේ ඍජු බලපෑමට ලක්වු සංජීවලා දෙදෙනා ගැන මතකය ද ප්‍රභාකරන්ගේ උදාන වාක්‍යට අනුව කීප දිනකින් අමතකව යනු ඇත. සංජීව බණ්ඩාර ශිෂ්‍ය දේශපාලනය නිසා රිම ාන්ඩ් බන්ධනාගාර ගත වෙද්දී සිනමාකරණයේ නියැලීම මත සංජීව පුෂ්පකුමාරට සීමා පැනවේ. ද්‍රෝහියා ක්ෂණයෙන් වීරයකු වන, වීරයා සැනින් ද්‍රෝහියෙකු වන, ශ්‍රී ලාංකේය සන්දර්භය තුල ගොදුරු බවට පත් වූ සංජීවලා දෙදෙනා ඉදිරියට කුමක් කරාවිදැයි බලාපොරොත්තු විය නොහැක. එහෙත් මෙම නිශ්චිත මොහොතේ ඔවුන් ස්වකීය අස්ථානයන් මගින් නිද්‍රාශිලී ලාංකේය තරුණයාට කිසියම් සාධනීය උත්තේජනයක් සැපයීමට වෙර දැරීම අගය කල යුතුය. සංජීවලා දෙදෙනා අතර සමානත්වයක් දකිමින් සිටි මා හට තවත් සංජීව කෙනෙක් මතකයට නැගුණි. ඔහු නමින් සංජීව එදිරිමාන්න ය. ස්වාධීන රුපවාහිනියේ නිවේදකයෙකු ලෙස හදුන්වන සංජීව එදිරිමාන්න මට අන

මට දැන් හැට පහක් යකෝ...!

ඔබ සැමට සුභම සුභ නිදහසක් වේවා....! නිදහස් බයිලා....! මාස්ටර් බයිලා අපේ ගෙතු රස කරලා...  ඇහිඳ ගනිල්ලා මේවා නිදහස් බයිලා... කතරට සහරා ගලන ලෙස රස දහරා... එලිසම නොමරා ගයමු නිදහස සමරා... නිදහස ලැබුණා මල්ලි නිදහස ලැබුණා... තලුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුණා... ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා... එළිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා... කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ... ලනුව සුද්දගේ උනත් කොඩිගහ අපගේ... නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ... නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ... ලේ හැලුනේ නෑ සුද්ද තරහ උනෙත් නෑ... යන්ටගියේත් නෑ නොගිහින් හිටියෙත් නෑ... අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි... තවත් සුමිහිරි අද ඒ පානේ මිතුරනි... හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස... බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට.... බයිලා කියා පුදදෙමු අප සවෛරි සිරිලක.... නිවන් දකිත්වා අපගේ ජන නායක කැල....

Spiritual, but not religious....!

Spiritual, but not religious By Tom de Castella BBC News Magazine Research has suggested "spiritual" people may suffer worse mental health than conventionally religious, agnostic or atheist people. But what exactly do people mean when they describe themselves as "spiritual, but not religious"? Spirituality is a common term these days, used by Prince Charles,  and by the Archbishop of York  as a way of stepping beyond religious divides. But many now call themselves "spiritual" but not religious. About a fifth of people in the UK fit into this category, according to Prof Michael King from University College London. In the US, a  Newsweek survey in 2005  put the figure at a quarter. A survey in October by the Pew Research Center  suggested a lower figure with a fifth of people religiously unaffiliated and 37% of those regarding themselves as spiritual but not religious. King's research suggested that in the UK the "spiritual" gr

අඩෝ මල්ලේ, මගේ වොයිස් එක අහපන් ඩො...!

අඩෝ මල්ලේ, මගේ වොයිස් එක අහපන් ඩො...!  මේ අහල්ලා, අහල්ලා මගේ තාලේ... වැඩි වැඩත් නෑ අඩුත් නෑ එකවාගේ... අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ... මේ අහල්ලා, අහල්ලා මගේ තාලේ... අනේ මගේ නෝනා මට පෙම්කරන්ට ඕනෑ.. මේ මාසේ පෙම්කරනකෝ.. අනාගතේ පේනා අර හොරස්කොප් ඕනෑ පොඩ්ඩක් තව කෙට්ටුවෙන්නකෝ.. හොරස්කොප් ඕනෑ නෑ.. පර්ස් එකයි ඕනෑ මට පොල් වත්තක් අරන් දෙන්ඩකෝ... අනේ මගේ නෝනා මට පෙම්කරන්ට ඕනෑ.. මට මේ මාසේ පෙම්කරනකෝ.. මේ අහල්ලා අහල්ලා මගේ තාලේ....! අදින් වසර විසි නවයකට (29) පෙර බඹර පැටික්කි ලාංකීය භුමියේ මගහැර යානොහැකි ලෙස මෝදු වෙමින් තිබුණු අර්බුධය උපහාසයකින් යුතුව ගෙන හැර දක්වා තිබුනේ අහම්බයකින්ද යන්න නොදන්නා නමුත් සත්‍ය එයටත් වැඩියෙන් සමාජීය ඛේදයක් බව එයින් වසර විසි නවයකට පසු අපට අත්විඳින්නට වීම අත්වැරදීමක් නොව වාස්තවික යථාර්තයයි.

2013 සුභ නව වසරක් කරගැනීම සඳහා....!

ඇන්ඩ්රොයිඩ් දුරකථන අතින් ගෙන හෙඩ් ෆෝන් ඉහේ දමාගෙන, ලැප ඔඩොක්කුවේ තබාගෙන නැතිනම් කරේ දමාගෙන, තෙරපෙමින් පුද්ගලික හෝ ලංගම බසයක නැතිනම් හැම දාම ප්‍රමාද ආණ්ඩුවේ දුම්රියේ යන, යන ගමන් ආණ්ඩුවට බනින, විපක්ෂයට ද බනින, මැක් එකෙන් නැතිනම් කේ එෆ් සි එකෙන්, එච් එස් බි සි ණය පතට කෑම ගෙන කන, නොගේව්වම රිකවරියෙන් බැනුම් අහන, කෙල්ල එක්ක රෝමාෆෝ යන ගිහින් පොෂ් වගේ ඉන්න, එම් සි බහින, ජාතිය ගැන, ආගම ගැන බුදු ටෝක් දෙන, වර්ධන වේගය අඩුයි කියල බෙරිහන් දෙන, කෙල්ලට පොස්ටිනොර් පොවන, බඳිනකොට කුලේ හොයන, ගෙයක් කාර් එකක් දෑවැද්දට ඉල්ලන, පොරුවේදී සුදු රෙද්ද අන්දවන්න, උදේට ජපන් කොඩිය බලන, නොතිබ්බොත් ගෑනිව එලවන, බටහිර ක්‍රිස්තියානි යුදෙව් චින්තනයට එරෙහිව ජාතික චින්තනයට පන පොවන, ක්‍රිස්තු වර්ෂයෙන් 2012 වැන්න සුභ කරගත් මහත්වරුනි....නෝනාවරුනි.... ගංවතුරින් අනාථ වුවන්ට මොබිටෙල් හරහා රුපියල් දහයක් එස් එම් එස් කර රුපියල් දහසක ගිණිකෙලි දැමු පුණ්‍යානුභාවයෙන් ඔබ සැමට කිතු වසින් 2013 වැන්න කිසි ගින්නක් නොවේවායි ඉතසිතින් හා අන්තිම ඉතුරු සිතින් ද ප්‍රර්ථනා කරමි.....!