Skip to main content

අඩෝ මල්ලේ, මගේ වොයිස් එක අහපන් ඩො...!


අඩෝ මල්ලේ, මගේ වොයිස් එක අහපන් ඩො...! 

මේ අහල්ලා, අහල්ලා මගේ තාලේ...
වැඩි වැඩත් නෑ අඩුත් නෑ එකවාගේ...
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ...
මේ අහල්ලා, අහල්ලා මගේ තාලේ...

අනේ මගේ නෝනා මට පෙම්කරන්ට ඕනෑ..
මේ මාසේ පෙම්කරනකෝ..
අනාගතේ පේනා අර හොරස්කොප් ඕනෑ
පොඩ්ඩක් තව කෙට්ටුවෙන්නකෝ..

හොරස්කොප් ඕනෑ නෑ..
පර්ස් එකයි ඕනෑ මට පොල් වත්තක් අරන් දෙන්ඩකෝ...
අනේ මගේ නෝනා මට පෙම්කරන්ට ඕනෑ..
මට මේ මාසේ පෙම්කරනකෝ..
අදින් වසර විසි නවයකට (29) පෙර බඹර පැටික්කි ලාංකීය භුමියේ මගහැර යානොහැකි ලෙස මෝදු වෙමින් තිබුණු අර්බුධය උපහාසයකින් යුතුව ගෙන හැර දක්වා තිබුනේ අහම්බයකින්ද යන්න නොදන්නා නමුත් සත්‍ය එයටත් වැඩියෙන් සමාජීය ඛේදයක් බව එයින් වසර විසි නවයකට පසු අපට අත්විඳින්නට වීම අත්වැරදීමක් නොව වාස්තවික යථාර්තයයි.

Comments

Popular posts from this blog

ආදරය තවදුරටත් ආදරය නොවේ.. Love is not Love anymore..

ආදරය තවදුරටත් ආදරය නොවේ.. ඇස්වාට්ටුව හරහා ටවුන් හෝල් පැමිණ අත් පටලවා ගනිමින් විහාරමහා දේවියේ ගස් අතර සැඟවී ගිය අපේ කාලේ පෙම්වතුන් අද නැවත විවාහවී හෝ තනිකඩව හෝ විහාර මහා දේවිය වෙත පැමිණිය හොත්, ඒ වටා වෙනදා මෙන් බැඳ නැති යකඩ දැල්, ගස් අතරින් දිවෙන ජොගින් ට්‍රැක් ඔවුන් වෙත කුමන වර්ගයේ කම්පනයක් ජනිත කරනු ඇතිද? තමාගේ පැරණි ගුරුවරුන් සමග පෙම්වතුන්ගේ දිනයට රොද බැඳ, සතුටු උයනේ දරුවන්ගේ ඉලෙක්ට්‍රික් කාර් පදිමින්, රතු පැහැ බැලුම් පුම්බමින් පෙම් පෙළපාලි ගියවුන් සතුටු උයනේ නටබුන් දැකීමෙන් කවරනම් කම්පනයකට ලක්වනු ඇතිද? වයස අවුරුදු දහඅට පිරුණු දිනට පසු දිනම තම වැඩිමහල් පෙම්වතා සමග රහසින් විවාහ වන තරුණියක් වසරකුත් මාස කිහිපයකට පසු තරුණයන් කිහිපදෙනෙකු තම සතුට වෙනුවෙන් සොයා යන්නේත්, විවාහයට සියලු පාර්ශව හි ආශීර්වාද මැද දින නියම කරගන්නා පෙම්වතෙකු හා පෙම්වතියක, එක්වනම තම සම්බන්ධය අත්හරිනට යෝජනා කරන පෙම්වතිය ඉදිරියේ පෙම්වතා අසරණ වන්නේත්, මධුසමය නිමවූ සැනින් තම සැමියා නැති නිවසට බිරිඳ අනියම් පෙම්වතා කැඳවාගන්නෙත් ඒ ඒ පුද්ගලයාගේ හුදු චරිත ස්වභාය නිසාවෙන් පමණක්ද?     ඔබ එන්න සු...

ඉඳින් අපි හැඟුම් වලට ඉඩ දෙමු...

වික්ටර් ගේ මේ ගීතය කාලෙකින් කනවැකුණු මොහොතේ එක්වරම එහි ඇති අතිශෝභාමාන උපමා උපමේය මගේ හදවත පමණක් නොව භෞතිකයද මොහොතකට නතර කරවන්නට සමත්වුණු බවක් මට හැඟීයේ.... අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . . හඳ පානේ . . මඳ අඳුරේ . . . අත් පටලා යමු ආයේ . . . ප්‍රේමනීය මිනිසෙක් සිය ප්‍රේමිනිය වෙත මේ මුදා හරින ඉල්ලීම ඇත්තෙන්ම මහා බරක් සිය සිත්හි දරාගනිමින් කරන්නේ යැයි වියතක් තරම් වූ කුඩා ඉඩක් පමණක් යෝජනා කිරීමෙන් පමණක්ම වටහා ගතහැකි. ප්‍රේමනීය හැඟුම් කිසිවිටකත් මොහොතකින් හෝ වියතක් තරම් ඉඩක දිගහැරීම උගහට බවක් අවශ්‍යයෙන්ම ප්‍රකාශ තුල ගැබ්කරන රචකයා මේ නොහැකියාව නැතිනම් ඇරයුමෙ අභව්‍ය ස්වරුපය ගෙන හැර දක්වන්නේ එවන් කෙටි කලකින් කෙටි ඉඩකින් ඔහුගේ ඇරයුම දෙදෙනා අත්පටලවා ගෙන හඳපානේ ඇවිදයාමේ මිහිරි ආද්‍යාශය බව කීමෙනි. ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී . . අවුදින් හෙමින් රහසින් මුමුනා හඳ පානේ මඳ අඳුරේ . . . මේ පෙම්වතාගේ ආදරණිය ආද්‍යාශය වූකලී වඩාත් ලෝකයෙන් වෙන්වූ, නොඑසේනම් ලොවට හොරා,එසේත් නැතිනම් අඩුම තරමින් සිය සෙවනැල්ල පවා නොදැන හමුවන එකක් විය යුතු යැයි යෝජනා කරනු...

Mark Zuckerberg's Wall and සිගිරි කාශ්‍යප ගේ වෝල් එක

බිත්තිවල කොටපු ඉතිහාසයක් සහ භාවිත අත්දැකීමක් අපිට තියෙනවා, සුද්දා අපිට මුනුපොතේ (Facebook) එකේ කොටන්න කතා කරන්න කලින්, අපේ කාශ්‍යප අපිට කැටපත් පවුරෙ (Mirror Wall) එකේ ලියන්න කතාකලා. අපි ලිව්වා, "මගේ නම බුදල්මී, සියෝවෑ ආමී, බොහෝදන ලියලුයෙන් නොලිමී" වගේ ගොඩක් දේවල් ලිව්වා. අපි චිත්‍ර ඇන්දා. එදා wall පොස්ට් එකක් දන්නා ලේසි උනේ නැහැ. ඇයි, ගල උඩනැගල ගලේ කොටන එක පට්ට ගේමක්. එත් අද එහෙම නැහැ, ගියා, කෙටුවා, පොස්ට් කලා. නමුත් එකට දෙන ඉඩ පොඩ්ඩක් මදි, එනිසා මම හිතුවා,(මට හිතුනා කිව්වත් හරි). Web Log එකක් නැත්තන් පරිණාමය උනාට පස්සේ එක (Blog) බ්ලොග් එකක්, ලියන්න,  මගේ මිතුරනි එන්න මේ නුතන කාශ්‍යපලගේ හා බුදල්මීලගේ  යුගයයි .