ආදරය තවදුරටත් ආදරය නොවේ.. ඇස්වාට්ටුව හරහා ටවුන් හෝල් පැමිණ අත් පටලවා ගනිමින් විහාරමහා දේවියේ ගස් අතර සැඟවී ගිය අපේ කාලේ පෙම්වතුන් අද නැවත විවාහවී හෝ තනිකඩව හෝ විහාර මහා දේවිය වෙත පැමිණිය හොත්, ඒ වටා වෙනදා මෙන් බැඳ නැති යකඩ දැල්, ගස් අතරින් දිවෙන ජොගින් ට්‍රැක් ඔවුන් වෙත කුමන වර්ගයේ කම්පනයක් ජනිත කරනු ඇතිද? තමාගේ පැරණි ගුරුවරුන් සමග පෙම්වතුන්ගේ දිනයට රොද බැඳ, සතුටු උයනේ දරුවන්ගේ ඉලෙක්ට්‍රික් කාර් පදිමින්, රතු පැහැ බැලුම් පුම්බමින් පෙම් පෙළපාලි ගියවුන් සතුටු උයනේ නටබුන් දැකීමෙන් කවරනම් කම්පනයකට ලක්වනු ඇතිද? වයස අවුරුදු දහඅට පිරුණු දිනට පසු දිනම තම වැඩිමහල් පෙම්වතා සමග රහසින් විවාහ වන තරුණියක් වසරකුත් මාස කිහිපයකට පසු තරුණයන් කිහිපදෙනෙකු තම සතුට වෙනුවෙන් සොයා යන්නේත්, විවාහයට සියලු පාර්ශව හි ආශීර්වාද මැද දින නියම කරගන්නා පෙම්වතෙකු හා පෙම්වතියක, එක්වනම තම සම්බන්ධය අත්හරිනට යෝජනා කරන පෙම්වතිය ඉදිරියේ පෙම්වතා අසරණ වන්නේත්, මධුසමය නිමවූ සැනින් තම සැමියා නැති නිවසට බිරිඳ අනියම් පෙම්වතා කැඳවාගන්නෙත් ඒ ඒ පුද්ගලයාගේ හුදු චරිත ස්වභාය නිසාවෙන් පමණක්ද? ඔබ එන්න සු...
කතාකරන, සිතන, බලග්‍රහණය හඳුනන, ශ්‍රමය කෑශ්(Cash) කරන නුතන වානරයන්ට..!
Comments
Post a Comment