Web Log එකක් නැත්තන් පරිණාමය උනාට පස්සේ එක (Blog) බ්ලොග් එකක්, ලියන්න, මගේ මිතුරනි එන්න මේ නුතන කාශ්යපලගේ හා බුදල්මීලගේ යුගයයි.
කියුබාව සොයා ගැනීම 1492 ඔක්තෝම්බර් 28 ස්පාඤ්ඤ දේශ ගවේෂක ක්රිස්ටෝපර් කොළොම්බස් ගොඩ බට, මෙක්සිකානු බොක්කේ නැගෙනහිරට හා ෆ්ලොරිඩා සමුද්ර සන්ධියේ දකුණට වන්නට පිහිටි ප්රමාණයෙන් වර්ග කිලෝමීටර් 109844 වන 17 වන විශාලතම දූපත ඔහු නම් කරනු ලැබුවේ ජුවානා ලෙසය. ඒ එවකට ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි කුමරා ගේ නමිනි. නමුත් ඒ වන විටත් එහි ජීවත් වූ ස්වදේශික ටායිනෝ (Taíno) ජනයා එම භූමිය හඳුන්වනු ලැබුවේ කියුබාව ලෙසය. එතැන් පටන් 1898 වර්ෂයේ ස්පාඤ්ඤය ඇමරිකන් යුද්ධය අවසන් වන තෙක් කියුබාව ස්පාඤ්ඤ යටත් විජිතයක් ලෙස පැවතුණි. කුළුබඩු රත්තරන් සහ වෙනත් සම්පත් සොයමින් පැමිණි නැගී එන අධිරාජ්යයන්ගේ නියෝජිතයන් වූ කොළොම්බස් ඇතුළු තවත් දේශ ගවේෂකයන් ඔවුන් පැමිණ ශත වර්ෂ 4 ක් ගතවන තැන දී ඇමරිකානු මහද්වීපයේ තම බලය තහවුරු කොට ගෙන තිබුණි. ඇමරිකාවේ නැගීම හා ව්යාප්තිය 1607 දී වර්ජීනියාවේ ජේම්ස් ටවුන් ප්රාන්තය පිහිටුවමින් ඇරඹී එංගලන්ත යටත් විජිත ප්රාන්ත 13ක් වර්ෂය 1776 ජූලි 4 නිදහස ප්රකාශ කිරීමෙන් අනතුරුව 1783 වර්ෂයේදී ඇමරිකානු ධනේශ්වර විප්ලවය සම්පූර්ණ කරමින් සන්ධීය සමූහාණ්ඩුවක් බිහි කරන ලදී. එතැන් සිට එක්සත් ජනපද සමූහාණ්ඩුව...
සිරා අදහස චන්දිම අයියේ...අපේ වෝල් එක සෑහෙන පරන එකක්නේ...
ReplyDeleteඅපේ අවුල තියෙන්නේ අපිට කියලා 1833 අවුරුද්දෙන් පස්සේ සංවර්ධනයක් නැතිකම, අනුන්ගේ ක්රමයට හිතන සංස්කෘතික වහල්ලු අපි.
ReplyDelete