Skip to main content

Mark Zuckerberg's Wall and සිගිරි කාශ්‍යප ගේ වෝල් එක

බිත්තිවල කොටපු ඉතිහාසයක් සහ භාවිත අත්දැකීමක් අපිට තියෙනවා, සුද්දා අපිට මුනුපොතේ (Facebook) එකේ කොටන්න කතා කරන්න කලින්, අපේ කාශ්‍යප අපිට කැටපත් පවුරෙ (Mirror Wall) එකේ ලියන්න කතාකලා. අපි ලිව්වා, "මගේ නම බුදල්මී, සියෝවෑ ආමී, බොහෝදන ලියලුයෙන් නොලිමී" වගේ ගොඩක් දේවල් ලිව්වා. අපි චිත්‍ර ඇන්දා. එදා wall පොස්ට් එකක් දන්නා ලේසි උනේ නැහැ. ඇයි, ගල උඩනැගල ගලේ කොටන එක පට්ට ගේමක්. එත් අද එහෙම නැහැ, ගියා, කෙටුවා, පොස්ට් කලා. නමුත් එකට දෙන ඉඩ පොඩ්ඩක් මදි, එනිසා මම හිතුවා,(මට හිතුනා කිව්වත් හරි).
Web Log එකක් නැත්තන් පරිණාමය උනාට පස්සේ එක (Blog) බ්ලොග් එකක්, ලියන්න, මගේ මිතුරනි එන්න මේ නුතන කාශ්‍යපලගේ හා බුදල්මීලගේ යුගයයි.

Comments

  1. සිරා අදහස චන්දිම අයියේ...අපේ වෝල් එක සෑහෙන පරන එකක්නේ...

    ReplyDelete
  2. අපේ අවුල තියෙන්නේ අපිට කියලා 1833 අවුරුද්දෙන් පස්සේ සංවර්ධනයක් නැතිකම, අනුන්ගේ ක්‍රමයට හිතන සංස්කෘතික වහල්ලු අපි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආදරය තවදුරටත් ආදරය නොවේ.. Love is not Love anymore..

ආදරය තවදුරටත් ආදරය නොවේ.. ඇස්වාට්ටුව හරහා ටවුන් හෝල් පැමිණ අත් පටලවා ගනිමින් විහාරමහා දේවියේ ගස් අතර සැඟවී ගිය අපේ කාලේ පෙම්වතුන් අද නැවත විවාහවී හෝ තනිකඩව හෝ විහාර මහා දේවිය වෙත පැමිණිය හොත්, ඒ වටා වෙනදා මෙන් බැඳ නැති යකඩ දැල්, ගස් අතරින් දිවෙන ජොගින් ට්‍රැක් ඔවුන් වෙත කුමන වර්ගයේ කම්පනයක් ජනිත කරනු ඇතිද? තමාගේ පැරණි ගුරුවරුන් සමග පෙම්වතුන්ගේ දිනයට රොද බැඳ, සතුටු උයනේ දරුවන්ගේ ඉලෙක්ට්‍රික් කාර් පදිමින්, රතු පැහැ බැලුම් පුම්බමින් පෙම් පෙළපාලි ගියවුන් සතුටු උයනේ නටබුන් දැකීමෙන් කවරනම් කම්පනයකට ලක්වනු ඇතිද? වයස අවුරුදු දහඅට පිරුණු දිනට පසු දිනම තම වැඩිමහල් පෙම්වතා සමග රහසින් විවාහ වන තරුණියක් වසරකුත් මාස කිහිපයකට පසු තරුණයන් කිහිපදෙනෙකු තම සතුට වෙනුවෙන් සොයා යන්නේත්, විවාහයට සියලු පාර්ශව හි ආශීර්වාද මැද දින නියම කරගන්නා පෙම්වතෙකු හා පෙම්වතියක, එක්වනම තම සම්බන්ධය අත්හරිනට යෝජනා කරන පෙම්වතිය ඉදිරියේ පෙම්වතා අසරණ වන්නේත්, මධුසමය නිමවූ සැනින් තම සැමියා නැති නිවසට බිරිඳ අනියම් පෙම්වතා කැඳවාගන්නෙත් ඒ ඒ පුද්ගලයාගේ හුදු චරිත ස්වභාය නිසාවෙන් පමණක්ද?     ඔබ එන්න සු...

තොටියෙක් තැවෙනවා හබලක් අතේ තියා

තිසරුන් තෙමන ගිනියම් මහා රැයක් ගෙවා බඳ රැලි බිඳින නැඹ විල යාගය කලා රත් මධු වගුල විල්තෙර යන දෙගොඩතලා තොටියෙක් තැවෙනවා හබලක් අතේ තියා