වික්ටර් ගේ මේ ගීතය කාලෙකින් කනවැකුණු මොහොතේ එක්වරම එහි ඇති අතිශෝභාමාන උපමා උපමේය මගේ හදවත පමණක් නොව භෞතිකයද මොහොතකට නතර කරවන්නට සමත්වුණු බවක් මට හැඟීයේ.... අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . . හඳ පානේ . . මඳ අඳුරේ . . . අත් පටලා යමු ආයේ . . . ප්‍රේමනීය මිනිසෙක් සිය ප්‍රේමිනිය වෙත මේ මුදා හරින ඉල්ලීම ඇත්තෙන්ම මහා බරක් සිය සිත්හි දරාගනිමින් කරන්නේ යැයි වියතක් තරම් වූ කුඩා ඉඩක් පමණක් යෝජනා කිරීමෙන් පමණක්ම වටහා ගතහැකි. ප්‍රේමනීය හැඟුම් කිසිවිටකත් මොහොතකින් හෝ වියතක් තරම් ඉඩක දිගහැරීම උගහට බවක් අවශ්‍යයෙන්ම ප්‍රකාශ තුල ගැබ්කරන රචකයා මේ නොහැකියාව නැතිනම් ඇරයුමෙ අභව්‍ය ස්වරුපය ගෙන හැර දක්වන්නේ එවන් කෙටි කලකින් කෙටි ඉඩකින් ඔහුගේ ඇරයුම දෙදෙනා අත්පටලවා ගෙන හඳපානේ ඇවිදයාමේ මිහිරි ආද්‍යාශය බව කීමෙනි. ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී . . අවුදින් හෙමින් රහසින් මුමුනා හඳ පානේ මඳ අඳුරේ . . . මේ පෙම්වතාගේ ආදරණිය ආද්‍යාශය වූකලී වඩාත් ලෝකයෙන් වෙන්වූ, නොඑසේනම් ලොවට හොරා,එසේත් නැතිනම් අඩුම තරමින් සිය සෙවනැල්ල පවා නොදැන හමුවන එකක් විය යුතු යැයි යෝජනා කරනු...
කතාකරන, සිතන, බලග්‍රහණය හඳුනන, ශ්‍රමය කෑශ්(Cash) කරන නුතන වානරයන්ට..!