"සංජීව බණ්ඩාරට විශ්ව විද්‍යාල පරිශ්‍රයන්ට ඇතුල්වීම තහනම්." "සංජීව පුෂ්පකුමාරගේ Flying Fish චිත්‍රපටයට තහනමක්." ආසන්නතම දිනවල පුවත්පත් හා රුපවාහීනි පුවත් ඉදිරිපත් කරන නළුවන් නාට්‍යානුසාරයෙන් ගෙන ආ ඉහත පුවත් දෙකෙහිම කතා නායකයා නායකයා සංජීව කෙනෙකි. පශ්චාත් යුද ලාංකේය දේශපාලන රේජීමයේ ඍජු බලපෑමට ලක්වු සංජීවලා දෙදෙනා ගැන මතකය ද ප්රභාකරන්ගේ උදාන වාක්යට අනුව කීප දිනකින් අමතකව යනු ඇත. සංජීව බණ්ඩාර ශිෂ්‍ය දේශපාලනය නිසා රිම ාන්ඩ් බන්ධනාගාර ගත වෙද්දී සිනමාකරණයේ නියැලීම මත සංජීව පුෂ්පකුමාරට සීමා පැනවේ. ද්‍රෝහියා ක්ෂණයෙන් වීරයකු වන, වීරයා සැනින් ද්‍රෝහියෙකු වන, ශ්‍රී ලාංකේය සන්දර්භය තුල ගොදුරු බවට පත් වූ සංජීවලා දෙදෙනා ඉදිරියට කුමක් කරාවිදැයි බලාපොරොත්තු විය නොහැක. එහෙත් මෙම නිශ්චිත මොහොතේ ඔවුන් ස්වකීය අස්ථානයන් මගින් නිද්‍රාශිලී ලාංකේය තරුණයාට කිසියම් සාධනීය උත්තේජනයක් සැපයීමට වෙර දැරීම අගය කල යුතුය. සංජීවලා දෙදෙනා අතර සමානත්වයක් දකිමින් සිටි මා හට තවත් සංජීව කෙනෙක් මතකයට නැගුණි. ඔහු නමින් සංජීව එදිරිමාන්න ය. ස්වාධීන රුපවාහිනියේ නිවේදකයෙකු ලෙස හදුන්වන සංජීව එදිරිමාන්න මට අන...
කතාකරන, සිතන, බලග්‍රහණය හඳුනන, ශ්‍රමය කෑශ්(Cash) කරන නුතන වානරයන්ට..!